රිය අනතුරකින් STF නිලධාරීන් 2ක් මරුට

Share

වව්නියාව පොලිස් වසමේ හොරොව්පොතාන මාර්ගයේ රම්බකුලම් කිලෝ මීටර් 02 වන කණුව අසල දී වව්නියාව මඩුකන්ද විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊයේ රාත්‍රියේ (09) නිලධාරීන් 07 දෙනෙකු සමග කඳවුර දෙස සිට වවුනියාව නගරය දෙසට ගමන් කරමින් සිටිය දී මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් රථයේ ගමන් කල 07 දෙනා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමේ දී දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගියේ අවුරුදු 29 හා 31 වයස්වල පසුවන කුරුණෑගල හා මැදවච්චිය ප්‍රදේශවල පදිංචි විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

Read more

Local News