ටිපර් රථයක ගැටී පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

Share

කොළඹ කුරුණෑගල මාර්ගයේ පුහුරිය හන්දිය අසල දී පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාත්‍රී ජංගම සංචාර රාජකාරී කැබ් රථයෙන් ගොස් ඉහත ස්ථානයේ මාර්ගය අයිනේ නවතා මාර්ගයේ ගමන් ගත් වාහන හා පුද්ගලයින් පරික්ෂා කරමින් සිටිය දී කන්තලේ දෙස සිට කඩුවෙල දෙසට වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයක් මාර්ගය අයිනේ වාහන පරික්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී ඉදිරියට විසි වී ගොස් ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා පොල්ගහවෙල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන ගිරාබේ, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට අදාළ ටිපර් රථ රියදුරු ඇත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News