දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙක් අතුරුදන්

Share

මිනුවන්ගොඩ පොලිස් වසමේ කටුවැල්ලේගම ප්‍රදේශයේ කීනවින්න ඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් බවට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අතුරුදන් පුද්ගලයා වයස අවුරුදු 19ක් වන මීගමුව පාර කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ පුද්ගලයා තවත් මිතුරන් තිදෙනෙකු සමග කීනවින්න ඔයේ දිය නෑමට ගොස් ඇති අතර දිය නාමින් සිටිය දී දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News