කොටහේන පොලිස් වසමේ ශ්‍රී ගුණානන්ද මාවත ට්‍රාන්ස්පෝමරය අසල දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව කොටහේන පොලිසිය විසින් පසුගියදා (09) විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධ තවත් සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 29 හා 43 වයස්වල පසුවන සුමිත්‍රාරාම පාර, කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අපරාධය සඳහා යොදාගත් බවට සැක කරන උල් පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.



