අඹේපුස්ස ත්‍රිකුණාමලය මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේ දී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් ගැටී ඊයේ (10) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරු පැදිකාරිය දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 24ක් වූ දඹුල්ල පොලිස් වසමේ ඇතාබැඳිවැව, පහළ වැව, තලකිරියාගම ප්‍රදේශයේ පදිංචි පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියක්.
මෙම පොලිස් නිලධාරිනිය නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර මෙම අනතුරට ලක්ව ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



