ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

Share

බණ්ඩාරගම පොලිස් වසමේ අඟුරුවාතොට රයිගම ප්‍රදේශයේ දී අඟුරුවාතොට දෙස සිට රයිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (10) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථ දෙකෙහි රියදුරන් දෙදෙනා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රයිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 5ක් වූ බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News