ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ අනුව අද (24දා) වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158.173ක් ලෙස දැක්විය.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 158 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙසද සඳහන් වෙයි.
දේශපාලන අර්බුදය, විදේශ විනිමය ලංකාවට ගලා ගෙනඒම, විදේශ ආයෝජන නොමැති වීම, ආනයන වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ.
පසුගිය මාස කිහිපය තුළදීම ඩොලරයක විකුණුම් මිල රුපියල් 155,156,157 යන අගයන් අතර පැවැතුණි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 154.395 ක් ලෙස දැක්වෙයි.