මහවෙල පොලිස් වසමේ දඹුල්ල මාතලේ මාර්ගයේ කවුඩු පැලැල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් එක් වරම පැමිණි යතුරු පැදියක් ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමට යාමේ දී අනුරාධපුර සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකාරිය හා යතුරු පැදියේ ගමන් ගත් වයස අවුරුදු 04ක් වූ දරුවෙකු මාතලේ රෝහලට ඇතුලත් කිරීමේදී යතුරු පැදිකාරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 33 ක් වූ පල්ලියවත්ත, මහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.



