කුරණ ප්රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි විදේශිකයෙකු හෝටල් පහසුකම් ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු මුදල් රුපියල් 1,013,231 ක මුදල් ලබා නොදී වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ (11) මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන මාලදිවයින් ජාතිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.



