දිවුලපිටිය පොලිස් වසමේ දිවුලපිටිය නගරය ආසන්නයේ දී දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර වාලම්පුරියක් මුදලට විකිණීම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු යතුරු පැදිය සමග ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වු කුරුකොටුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.



