රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

මීරිගම පොලිස් වසමේ පස්යාල මීරිගම මාර්ගයේ පොහොන්නරුව ප්‍රදේශයේ දී පස්යාල දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේ දී මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් වූ කල්ඵලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News