රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

කිළිනොච්චිය පොලිස් වසමේ කොකාවිල් අක්කරායන්කුලම් මාර්ගයේ යූනියම්කුලම් ප්‍රදේශයේ දී අක්කරායන්කුලම් දෙස සිට කොකාවිල් දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි අත්ට්‍රැක්ටරයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් වූ යූනියන්කුලම්, කොකාවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

Read more

Local News