සැකකරුවෙක් පොලිස් වෙඩිපහරින් මරුට(VIDEO)

Share

කඳාන පොලිස් වසමේ නිවසකට පැමිණ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවකු සපුගස්කන්ද පොලිස් වසමේ පමුණුවිල, සමිඳු මාවත ප්‍රදේශයේ නිවසක සිටින බවට කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (16) වන අද දින අළුයම් කාලයේදී එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පසුව කඳාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්ද පෙරලා වෙඩි තැබීම හේතුවෙන් සැකකරු මියගොස් ඇතිඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 49 ක් වූ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට දැනට අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News