දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයත් සමඟ මේ වන විට දිස්ත්රික්ක 10කට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්ක සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයාම් රතු නිවේදන නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත්තේ.



