නාඳුනන මළ සිරුරක්

Share

කළුතර දකුණ පොලිස් වසමේ කළුතර මහ පල්ලිය ප්‍රදේශයේ දී නාඳුනන පිරිමි මළ සිරුරක් තිබෙන බවට කළුතර දකුණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මරණකරු උස අඩි 05 අඟල් 06 ක් පමණ, තළෙළු, හිසකෙස් සුදු පැහැති, සිහින් සිරුරකින් යුත් පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News