වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මාලඹේ පොලිස් වසමේ අරංගල හංදිය ප්‍රදේශයේ දී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අලෙවි කිරීම සදහා සූදානම් කර තිබූ අඩි 1 1/2 ක් පමණ දිගින් යුත් වාලම්පුරියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වූ අමරගොඩ පාර, මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම වාලම්පුරිය නුවර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සතුව තිබූ වාලම්පුරියක් බවත්, එම හිමිනම විසින් ඉහත සැකකරු අතරමැදියෙකු ලෙස යොදාගෙන විකිණීමට තැත්කර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News