කොළඹ මීගමුව මාර්ගයේ තෙලපාත හංදිය ප්රදේශයේ දී කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ කන්ටේනර් රථයක් මාර්ගයේ දකුණු පස ඇති වාහන නවතා තබන අංගනයක් වෙත හරවමින් තිබිය දී මීගමුව දෙස සිට පැමිණි ලොරි රථය කන්ටේනර් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයකු ලොරි රථයෙන් බිමට වැටී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 51ක් වූ කඳාන ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරට අදාළ කන්ටේනර් රථයේ රියදුරු හා ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



