කිරුළපන දී අහසට වෙඩි

Share

කිරුළපන පොලිස් වසමේ අංක 54, කිරුලපන මාවත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලාගොස් ඇති බවට කිරුළපන පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වෙඩි තැබීම හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර කවුරුන් විසින් වෙඩි තැබීම සිදුකලාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිරුළපන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News