වව්නියාව නව බස් නැවතුම්පලේ බණ්ඩාරවෙල බස් අංගනයේ මගීන් සදහා වෙන් කරන ලද පුටුවක් මත නාඳුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට වව්නියාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 65 ක් පමණ වන කෙට්ටු, තට්ටය සහිත, උස අඩි 05 අගල් 01 ක් පමණ පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.



