නොරෝච්චෝලය පොලිස් වසමේ කල්පිටිය පාලවිය මාර්ගයේ කිලෝමීටර් 18 කණුව අසල දී පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් විරුද්ධ දිසාවෙන් පැමිණි කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා එහි ගමන් ගත් කුඩා දරුවෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කුඩා දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය දරුවා වයස අවුරුදු 05 ක් වූ පහළකුඩාව, තලවිල ප්රදේශයේ පදිංචි යතුරු පැදිකරුගේ පුත්රයාය.



