අපරාධ කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

Share

හෝමාගම පොලිස් වසමේ නියඳගල ප්‍රදේශයේදී හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෝමාගම පොලිස් ස්ථානයට වාර්තා වී ඇති අපරාධ කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වූ ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු හෝමාගම පොලිස් වසමේදී වෙළෙඳසැල් බිඳ මුදල් හා දේපල සොරකම් කිරීමේ සිද්ධීන් 03 කට හා ගෙවල් බිඳුමකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් සොරා ගන්නා ලද භාණ්ඩවලින් කොටසක් සොයා ගෙන ඇති අතර හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News