කන්දකැටිය පොලිස් වසමේ මීගහකිවුල කැටවත්ත මාර්ගයේ යෝධ උල්පත ප්‍රදේශයේ දී බදුල්ල දෙස සිට කැටවත්ත දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ මඟීන් 44 දෙනෙකු මීගහකිවුල රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරිය වයස අවුරුදු 67 ක් වූ කැටවත්ත, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
තුවාලකරුවන්ගෙන් 26 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරු කර යවා ඇති අතර 11 දෙනෙකු මිගහකිවුල දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුවාල කරුවන් 6 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



