පොතුවිල් පොලිස් වසමේ කොට්ටුකල්ලු කලපුවේ ඊයේ (22) පුද්ගලයෙකු මිය ගොස් සිටින බවට පොතුවිල් පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 73 ක් වු පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු කලක සිට මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.



