වාද්දුව නගරයේ දී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දෙසටම ධාවනය වූ වෙනත් බස් රථයකට ඉස්සර කරමින් ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ දෙසටම මාර්ගයේ දකුණු පසින් ගමන් කල යතුරු පැදියක් බස් රථයේ බඳෙහි ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 52 ක් වූ පයාගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.



