ඊයේ (22) රාත්‍රී කාලයේ කල්පිටිය පොලිස් වසමේ ආසිරිගම දේවස්ථානය ඉදිරිපිට මාර්ගයේදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බවට කල්පිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 34 ක අයෙක් බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා ආසිරිගම කතෝලික දේවස්ථානයේ මංගල්‍ය සදහා සහභාගී වීමට ගොස් සිය බිරිඳගේ සහෝදරකුගේ නිවසට රාත්‍රී ආහාරය සඳහා පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ බිරිඳගේ තවත් සහෝදරයකු එම ස්ථානයට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එය සමථයට පත් කිරිමට උත්සාහ කිරීමේ දී එම සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.



