දෙණියාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද වසා දමයි

Share

දකුණු පළාතට ඊයේ (22) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල බලපෑම් එල්ල වී ඇති පාසල් පමණක් වසා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙණියාය අධ්‍යාපන කලාපයේ සියලූම පාසල් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අද (23) දින නිවාඩු ලබාදුන් බව දෙණියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී පැවසුවා.

Read more

Local News