ඊච්චලම්පත්තුව පොලිස් වසමේ මාවඩිච්චේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු සැකසහිත ලෙස මිය ගොස් ඇති බවට ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 28 ක අයෙක් බවයි වාර්තා වන්නේ.
අදාල පුද්ගලයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමඟ විවාහ මංගල උත්සවයකට සහභාගි වී මත්පැන් පානය කර එදින රාත්‍රියේ ඔහුගේ ඥාතියකුගේ නිවසට ගොස් නිදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුදින ඔහු අවදි නොවීම හේතුවෙන් නිවසියන් විසින් පරික්ෂා කිරිමේදි ඔහු මියගොස් සිට ඇති බවත් මරණකරුගේ බෙල්ල ප්‍රදේශයේ සහ ඇස අසල ලේ තිබූ බවත් විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.



