තවත් අවාසනාවන්ත අනතුරක් – එක් අයෙක් මරුට

Share

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ රුවන්වැල්ල නගරයේ දී පා පැදියක් රුවන්වැල්ල දෙස සිට කරවනැල්ල දෙසට ගමන් කිරීමේ දී මාර්ගය අයිනේ නවතා තිබූ වෑන් රථයක් එක් වරම නැවත ගමන් ආරම්භ කිරීමට මාර්ගයට ගන්නා අවස්ථාවේ දී පා පැදියේ ගැටී තිබෙනවා.

අනතුරුව පා පැදිය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලංගම බස් රථයක ගැටී පා පැදිකරු බරපතල තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 80 ක් වූ කහටගස්තැන්න, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News