ජා ඇල මීගමුව මාර්ගයේ බෝපිටිය ප්‍රදේශයේ දී ඊයේ (25) ජාඇල දෙස සිට බෝපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 31 ක් වූ බෝපිටිය, පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



