පුලියන්කුලම පොලිස් වසමේ මතියමඩු ප්‍රදේශයේ දී පුලියන්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වූ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.



