මෝටර් රථයක ගැටී පදික පුද්ගලයින් 2ක් මරුට

Share

ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ ඉලුක්කැටිය ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙස සිට මොරකැටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පදික පුද්ගලයන් තිදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පදික පුද්ගලයන් තිදෙනා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයින් අවුරුදු-58 හා 71 වයස්වල පසුවන මොරකැටිය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News