පරගොඩ දෙස සිට බුලත්සිංහල දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේ දී මාර්ගය අවහිර වීම හේතුවෙන් ලොරි රථයේ තිරිංග ක්රියාත්මක කිරීමේ දී පිටු පසින් පැමිණි යතුරුපැදියක් ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
යතුරුපැදිකාරිය බරපතල තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවට බුලත්සිංහල පොලිසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 34 ක් වූ බුලත්සිංහල ප්රදේශයේ පදිංචිකාරියක්.



