මොරටුවේ නිවසක ගින්නක්

Share

මොරටුව පොලිස් වසමේ උස්වත්ත පාර ප්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන තිබෙනවා.

මොරටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මොරටුව ගිනි නිවීමේ ඒකකය හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් එක්ව සම්පුර්ණයෙන් ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News