මරදාන පොලිස් වසමේ ශ්‍රී සංඝරාජ මාවතේ බී.බී.සී පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද පණිවිඩයක් මත මරදාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
විමර්ශන නිලධාරින් විසින් වැටී සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මෙම පුද්ගලයා වයස අවුරුදු 30 ක් පමණ වන උස, අඩි 05 අඟල් 08 ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි පුද්ගලක් බවයි පොලිසිය සඳහන් කළේ.



