අයගම පොලිස් වසමේ ඉන්නකන්ද ප්‍රදේශයේ දී පහරදී වයස අවුරුදු 45ක කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අයගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.
මෙම අපරාධයේ සැකකරු අයගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මියගිය කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන අයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.