නුවර කොළඹ මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ දී කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එම දෙසටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර කිරීමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 42 ක් වූ ඉපලෝගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.