බලංගොඩ – කතරගම ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

Share

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

බලංගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා.

මේ අතර ඊයේ රාත්‍රියේ අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයකට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යළිත් කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක අත්තක් කඩා වැටීමෙන් ඊයේ රාත්‍රියේ සිදු වූ තවත් අනතුරකින් වාහන තුනකට හානි සිදුවුණා.

Read more

Local News