පල්ලේකැලේ පොලිස් වසමේ කාර්මික ජනපදයේ මහවැලි ජල පවිත්‍රාගාරය අසල නාඳුනන පිරිමි මළ සිරුරක් ජලයේ පාවෙමින් ඇති බවට පල්ලේකැලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා හැඳ සිටි කලිසමේ සාක්කුවක තිබී ඔහුගේ ජාතික හැදුනුම්පත සහිත මුදල් පසුම්බිය හමුවී ඇති අතර ඔහු වයස අවුරුදු 49ක් වූ කලගොල්ලාගොඩ, පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති අතර ඇය විසින් පසුගියදා මියගිය පුද්ගලයා නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි බවට වත්තේගම පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.



