ස්ථාන කිහිපයක මළ සිරුරු

Share

මාරවිල පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේ නාඳුනන මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත මාරවිල පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 43ක් වන බටහිර දුම්මලදෙනිය, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා සැකකටයුතු ලෙස මියගොස් සිට ඇති අතර මෙය පහර දීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බවට පොලිසිය විසින් සැක කරනු ලබන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිදුකල මූලික විමර්ශනයේ දී මියගිය පුද්ගලයා පසුගිය (29) දින සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එසේම වැලිකඩ පොලිස් වසමේ මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් නිදන කාමරය තුල සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත වැලිකඩ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 87ක් වූ මොරගස්මුල්ල, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News