වෙළඳසැලක ගින්නක්

Share

අම්පාර නගරයේ 06 වන මාවත අසල පිහිටි තාවකාලික ඉදිකරන ලද වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙන ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන්, අම්පාර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

මෙම වෙළඳසැල පාසැල් බෑග් සහ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක් වන අතර, ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි සිදු වී නොමැති අතර දේපළ හානි පමණක් සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News