සහෝදරයන් දෙදෙනෙකුට එල්ල වූ ප්‍රහාරය

Share

කඩවත පොලිස් වසමේ ඉහල කරගහමුණ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ දෙකකින් සහ කුඩා ලොරි රථයකින් පැමිණි පිරිසක් නිවසේ සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් සහ පොලුවලින් පහරදුන් බවට කඩවත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තුවාලකරුවන් රාගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන් අවුරුදු 25 හා 29 වයස්වල පසුවන ඉහල කරගහමුණ, කඩවත ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News