කොළඹ නුවර මාර්ගයේ ඇල්දෙණිය ප්‍රදේශයේ දී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දෙසටම ඉදිරියෙන් ගමන් කල පා පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පා පැදිකරු රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 69 ක් වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.