පල්ලෙකැලේ පොලිස් වසමේ මහනුවර මහියංගනය මාර්ගයේ කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගසක් කඩා වැටීමෙන් තාවකාලික පළතුරු වෙළඳ සැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 56 ක් වූ වරාපිටිය, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා පළතුරු මිලට ගැනීමට පැමිණ සිට ඇති අතර වෙළඳසැල් හිමිකරු හා වෙළඳසැලේ සහයට සිටි කාන්තාවක් තුවාල ලබා ඇති බවට විමර්ශනයේ දි අනාවරණ වී තිබෙනවා.
ගස කඩා වැටෙන අවස්ථාවේ මහනුවර මහියංගනය මාර්ගයේ ගමන් කළ වෑන් රථයකට අලාභ සිදුව ඇති අතර වෑන් රථයේ ගමන් කළ කිසිවකුට හානි සිදුවී නොමැත.