රිය අනතුරකින් දැරියක් මරුට

Share

මාවතගම පොලිස් වසමේ 09 කණුව හතරලියද්ද මාර්ගයේ කැඹිලිතිගොඩ පුරාණ විහාරය ඉදිරිපිට දී හතරලියද්ද දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකාරිය හා ඇයගේ දියණිය වන පසුපැදිකාරිය මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දැරිය වයස අවුරුදු 16ක් වූ කහපත්වල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News