මන්නාරම පොලිස් වසමේ සාවියන් තෝට්ටම් ප්‍රදේශයේ දී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මත්පෙති 10 බැගින් අඩංගු කාඩ්පත් 513ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වන තාල්වුපාඩු, මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා.



