බොරැල්ල පොලිස් වසමේ රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදී දෙමටගොඩ දෙස සිට බේස්ලයින් මාර්ගයේ බොරැල්ල හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඊයේ (02) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදිකයා හා යතුරු පැදිකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 71ක් වූ කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



