නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මරුට

Share

රත්නපුර පොලිස් වසමේ මල්වල පාර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට රත්නපුර පොලිසියට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානයේ නිලධාරීන් රත්නපුරය ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

නිවසේ කාමර 02 ක් ගින්නෙන් විනාශ වී ඇති අතර, එහි රැදී සිටි පුද්ගලයෙකු ගින්නට හසු වී පිලිස්සීමෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවරුදු 54ක්වූ මල්වල, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා බිරිද හා දරුවන්ගෙන් වෙන්වී මෙම නිවසේ තනිව ජීවත්ව සිට ඇති බවට විමර්ණයේදී අනාවරණය වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News