වසර 1300ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් කිහිපයක් පේරු රාජ්‍යයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සොයා ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට ආසන්න පිහිටි සත්වෝද්‍යානයක් අසළ පිහිටි සොහොන් බිමකින් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සහ ළදරුවෙකුගේ බවට සැක කළ හැකි මෙම අස්ථි කොටස් සොයාගෙන ඇත.
එම අස්ථි ලීමාහි විසූ ස්වදේශික ජන කොට්ඨාසයක අවසන් පුද්ගලයින් කණ්ඩායමකට අයත් බවට පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනු ලැබේ.
මෙම අස්ථි කොටස් වලට අමතරව සෙරමික් භාණ්ඩ කිහිපයක්, මැටි බදුනක් සහ උඳුනක් ද සොයාගෙන ඇත.