මනුෂ්‍ය ඝාතනයක්

Share

කළුතර උතුර පොලිස් වසමේ මහ වස්කඩුව ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට කළුතර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 67 ක් වන මහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ඔහුගේ මිතුරෙකු සමඟ රාත්‍රි කාලයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එම මිතුරා විසින් මරණකරුට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුවී ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News