ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

Share

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.95 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.3,565 ක්.

කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.38 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.1,431 ක්.

එසේම කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.18 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.668ක් ලෙසයි සඳහන් වන්නේ.

Read more

Local News